ශ්‍රී ලංකාව නිසා මුස්ටෆිසුර්ට IPL අහිමි වෙයි

Date:

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසුර් රෙහ්මාන්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා නොදීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඉදිරියේ දී ආරම්භ වන ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය හේතුවෙන්.

මෙවර අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් මුස්ටෆිසුර් රෙහ්මාන්ව සිය කණ්ඩායමට ලබා ගැනීම සදහා උත්සාහ දරා ඇති බව සදහන්.

ඒ, එම කණ්ඩායම් දෙකේම එක් විදෙස් වේග පන්දු යවන්නෙකු තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බැවින්.

කෙසේ වෙතත්, මුම්බායි කණ්ඩායම මේ වන විට ලසිත් මාලිංග වෙනුවට ජේම්ස් පැටින්සන් කණ්ඩායමට ආදේශ කර තිබෙනවා.

නමුත් කොල්කටා කණ්ඩායමට Harry Gurney වෙනුවට ක්‍රීඩකයෙකු ආදේශ කර ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය ඔක්තෝම්බර් 24 වනදා ආරම්භ වීමට නියමිත අතර, ඒ සදහා බංගලාදේශ කණ්ඩායම මෙම මස අගදී දිවයිනට පැමිණීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...