Watch : පිට පිට පන්දු දෙකකදී මැද ඉන්න දෙවරක් දෙකට කැඩූ අර්ෂ්දීප් සිං

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 31 වැනි තරගයේ අවසන් පන්දුවාරයේ දී පිට පිට පන්දු දෙකකදී මැද ඉන්න දෙවරක්ම කොටස් දෙකකට කඩා බිද දැමීමට පංජාබ් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං ඊයේ(22) රාත්‍රියේ සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 215 ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 201 ක් පමණයි.

තරගය ජය ගැනීමට මුම්බායි පිලට අවසන් පන්දුවාරයේ දී ලකුණු 16 ක් ලබා ගත යුතු වූ නමුත්, අර්ෂ්දීප් යොමු කළ එම පන්දුවාරයේ දී ඔවුන්ට කඩුලු 2 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 2 ක් පමණයි.

අර්ෂ්දීප් සිං මෙම තරගයේ දී ලකුණු 29 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

පිට පිට පන්දු දෙකකදී මැද ඉන්න කඩා දැමූ අවසන් පන්දුවාරයේ කඩුලු 2 පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...