සෑම් කරන්ගේ සුපිරි ප්‍රහාරය හා අර්ෂ්දීප්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ පංජාබ් පිලට තියුණු ජයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 13 ක තියුණු ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(22) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 215 ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 201 ක් පමණයි.

රෝහිත් ෂර්මා පන්දු 27 කින් ලකුණු 44 ක් රැස් කළා. කැමරන් ග්‍රීන් ලකුණු 67 ක් ලබා ගත්තේ පන්දු 43 කින්. හයේ පහර 3 ක් හා හතරේ පහර 6 ක් ග්‍රීන්ගේ ඉනිමට ඇතුළත් වුණා.

පන්දු 26 කින් සූර්යකුමාර් යාදව් රැස් කළ ලකුණු සංඛ්‍යාව 57 ක්. හයේ පහර 3කින් හා හතරේ පහර 7කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. කෙසේ වෙතත්, එම පිතිකරුවන්ගේ උත්සාහය අවසන් පන්දුවාරයේ දී අපතේ යැවූ අර්ෂ්දීප් සිං මෙම තරගයේ දී ලකුණු 29 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

තරගය ජය ගැනීමට මුම්බායි පිලට අවසන් පන්දුවාරයේ දී ලකුණු 16 ක් ලබා ගත යුතු වූ නමුත්, අර්ෂ්දීප් යොමු කළ එම පන්දුවාරයේ දී ඔවුන්ට කඩුලු 2 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 2 ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 214 ක් රැස් කළේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

ඒ, පන්දුවාර 9.4 ක් අවසානයේ දී පංජාබ් පිලේ 4 වැනි කඩුල්ල ලකුණු 83 දී බිද වැටුණු පසුබිමකයි. කෙසේ වෙතත්, අනතුරුව වේගවත් ඉනිමක් දියත් කළ සෑම් කරන් පන්දු 29 කින් ලකුණු 55 ක් රැස් කළා. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

හර්ප්‍රීට් සිං පන්දු 28 කින් ලකුණු 41 ක් ලබා ගත් අතර, අවසන් පන්දුවාර කිහිපයේ දී වේගවත් පිතිහරඹයක නිරත වූ ජිටේෂ් ෂර්මා හයේ පහර 4 ක් සමග පන්දු 7 කින් ලකුණු 25 ක් රැස් කිරීම කැපී පෙනුණා.

ඉනිමේ අවසන් පන්දුවාර 5 දී පංජාබ් පිතිකරුවන් ලකුණු 96 ක් වාර්තා කිරීම විශේෂත්වයක්. පන්දු යැවීමේ දී කැමරන් ග්‍රීන් හා පියුෂ් චවුලා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම තරගය සදහා ද පංජාබ් කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ඇතුළත් කර තිබුණේ නැහැ. ආබාධයක් හේතුවෙන් නිත්‍ය නායක ශිකර් ධවාන් මෙම තරගය සදහා ද ක්‍රීඩා නොකළ බැවින් පංජාබ් කණ්ඩායමේ නායකයා ලෙස සෑම් කරන් කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...