මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(21) සමත් වුණා.
චෙන්නායි හී දී අද රාත්‍රියේ දී ආරම්භ වූ මෙම තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සන්රයිසස් කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි සන්රයිසස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 134 ක්.
අභිෂේක් ෂර්මා ලකුණු 34 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 22 කට බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 3 ක්.
මහීෂ් තීක්ෂණ ලකුණු 27 කට එක් කඩුල්ලක් බිද හෙලූ අතර, මතීෂ පතිරණ ලකුණු 22 කට එක් කඩුල්ලක් දවා ගැනීම කැපී පෙනුණා.
මතීෂගේ පන්දුවක් හමුවේ ලකුණු 17 කට දැවී ගියේ හෙන්රික් ක්ලාසන්. රුටුරාජ් ගයික්වඩ් රැක ගත් උඩ පන්දුවක් හමුවේ එම කඩුල්ල දැවී ගියා.
එහි දර්ශන පහතින් නරඹන්න –
— CricDaily24 (@cricday96) April 21, 2023

