පන්දු යවන්නන්ගේ දක්ෂතා හා කොන්වේගේ 77* හමුවේ CSK පිලට කඩුලු 7 ක ජයක්

Date:

රවීන්ද්‍ර ජඩේජා ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හා ඩෙවෝන් කොන්වේගේ නොදැවුණු ලකුණු 77 හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(21) සමත් වුණා.

චෙන්නායි හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 135 ක ඉලක්කයක් හඹා ගිය සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18.4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 87 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට රුටුරාජ් ගයික්වඩ් හා ඩෙවෝන් කොන්වේ සමත් වුණා. රුටුරාජ් ලකුණු 35 කට දැවී ගියා. අජින්කෙයා රහානේ හා අම්බටි රයිදු ලකුණු 9 බැගින් ලබා සිටියදී දැවී ගියා.

ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 77 ක් රැස් කළේ පන්දු 57 කින්. හයේ පහරක් හා හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. පන්දු යැවීමේ දී මයාන්ක් මාකන්ඩේ ලකුණු 23 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සන්රයිසස් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි හයිදරාබාද් කණ්ඩායමේ පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 134 ක් ලබා ගනිමින්.

අභිෂේක් ෂර්මා ලකුණු 34 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 22 කට බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 3 ක්. මහීෂ් තීක්ෂණ ලකුණු 27 කට එක් කඩුල්ලක් බිද හෙලූ අතර, මතීෂ පතිරණ ලකුණු 22 කට එක් කඩුල්ලක් දවා ගත්තා.

මේ වන විට චෙන්නායි කණ්ඩායම තරග 6 කින් තරග 4ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 3 වැනි ස්ථානයේ පසුවන අතර, සන්රයිසස් පිල තරග 6 කින් තරග 2ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...