අයර්ලන්ත ප්‍රබල පිතිකරුවා ගාල්ලේ දී ටෙස්ට් සංචිතයට එක් වෙයි

Date:

අයර්ලන්ත කණ්ඩායමේ උප නායක පෝල් ස්ටර්ලින්ග් අයර්ලන්ත ටෙස්ට් සංචිතය සමග ගාල්ලේ දී එක් වී තිබෙනවා.

ඊයේ (20) රාත්‍රී කාලයේ දී ඔහු සංචිතය සමග එක් වී ඇති අතර, අද දිනයේ දී ඔහු සෙසු ක්‍රීඩකයින් සමග පුහුණුවීම් කටයුතු සදහා ද එක් වූ බවයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු නිමා වූ අයර්ලන්ත කණ්ඩායමේ බංග්ලා‍දේශ තරග සංචාරයේ සීමිත පන්දුවාර තරගාවලි සදහා පමණක් ක්‍රීඩා කළ අතර, පසුව යළි සිය රට බලා පිටත්ව ගියා.

ඒ අනුව බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගය සදහා මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා ද ස්ටර්ලිග්න් ක්‍රීඩා කළේ නැහැ.

කෙසේ වෙතත්, ඔහුව දෙවැනි ටෙස්ට් තරගය සදහා වන අයර්ලන්ත සංචිතයට නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...