ෆෆ්, කෝලි, වනිදු හා සිරාජ්ගේ දක්ෂතා හමුවේ RCB පිලට ලකුණු 24ක ජයක්

Date:

ෆෆ් ඩු ප්ලෙසිස්ගේ හා විරාට් කෝලිගේ සුපිරි පිතිහරඹයත්, මොහමඩ් සිරාජ්ගේ හා වනිදු හසරංගගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 24 ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(20) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 175 ක ඉලක්කයක් හඹා ගිය පංජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 18.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණයි.

ප්‍රබ්සිම්රන් සිං ලකුණු 46 ක් රැස් කළ නමුත්, මැද පෙල පිතිකරුවන්ගෙන් පංජාබ් ඉනිමට සැලකිය යුතු දායකත්වයක් ලැබුණේ නැහැ.

කෙසේ වෙතත්, ජිටේෂ් ෂර්මා ලකුණු 41 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඔහු දැවීයාමත් සමග එම උත්සාහය අසාර්ථක වුණා.

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් ලකුණු 21 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා. වනිදු හසරංග කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 39 ක් ලබා දෙමින්.

මොහාලි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 174 ක් රැස් කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

විරාට් කෝලි ලකුණු 59 ක් හා ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 84 ක් ලබා ගත් අතර, ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 137 ක්. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී හර්ප්‍රීට් බ්‍රාර් ලකුණු 31 කට කඩුලු 2ක් දවා ගත් අතර, අර්ෂ්දීප් සිං හා නේදන් ඇලිස් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...