විස්ඩන් වසරේ ප්‍රමුඛතම ක්‍රීඩකයා හා වසරේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනා නම් කෙරේ

Date:

සුප්‍රකට විස්ඩන් සගරාව විසින් වසරේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්තයේ ටොම් බ්ලන්ඩන්, එංගලන්තයේ බෙන් ෆෝක්ස්, ඉන්දියාවේ හර්මන්ප්‍රීට් කෝවුර්, නවසීලන්තයේ ඩැරල් මිචෙල් හා එංගලන්තයේ මැතිව් පොට්ස් වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනා අතරට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එංගලන්ත ටෙස්ට් නායක, තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් වසරේ ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩකයා (Leading Cricketer) ලෙස විස්ඩන් සගරාව විසින් නම් කර තිබෙනවා.

2019 හා 2020 වසරවලට අදාළව ද විස්ඩන් සගරාව විසින් ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කළේ බෙන් ස්ටොක්ස්.

වසරේ ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ඔස්ට්‍රේලියාවේ බෙත් මූනි ප්‍රකාශයට පත් කෙරුණා.

වසරේ ප්‍රමුඛතම 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් සගරාව විසින් නම් කර ඇත්තේ ඉන්දියාවේ සූර්යකුමාර් යාදව්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...