රටවල් 5කදී පැවැත්වෙන CPL තරගාවලිය අගෝස්තු 16 ඇරඹේ

Date:

2023 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (CPL) කැරිබියන් රටවල් 5කදී පැවැත්වීමට නියමිත බව CPL තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා.

තරගාවලිය අගෝස්තු 16 වැනිදා සිට සැප්තැම්බර් 24 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

2019 වසරෙන් පසුව පළමු වරට බාර්බඩෝස් හී දී මෙවර තරග පැවැත්වීමට නියමිතව තිබීම විශේෂත්වයක්.

ඊට අමතරව ශාන්ත ලුසියා, ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස්, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ හා ගයානා හී දී තරග පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. මෙවරත් ජැමයිකාවේ දී තරග පැවැත්වෙන්නේ නැහැ.

ජැමයිකා තලවාස් කණ්ඩායම හා ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම අතර ශාන්ත ලුසියා හී දී පැවැත්වෙන තරගයත් සමග 2023 CPL තරග වාරය ආරම්භ වීමට නියමිතයි.

අවසන් වටයේ තරග (playoffs) හා අවසන් මහා තරගය සැප්තැම්බර් 19 වැනිදා සිට 24 වැනිදා දක්වා ගයානා හී දී පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...