රමේෂ් මෙන්ඩිස්ගෙන් නව වාර්තාවක්

Date:

ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම සංඛ්‍යාවකදී ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් පන්දු යවන්නා බවට පත් වීමට දග පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් අද(18) සමත් වුණා.

ඒ, අයර්ලන්තය සමග ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී යි.

එහිදී අයර්ලන්ත දෙවැනි ඉනිමේ දී Andy McBrine ගේ කඩුල්ල දවා ගනිමින් මෙන්ඩිස් මෙම සුවිශේෂී කඩඉම සපුරා ගත්තා.

ඔහු අයර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කළේ සිය 11 වැනි ටෙස්ට් තරගයයි. ඉනිම 21 කදී යි රමේෂ් මෙන්ඩිස් සිය 50 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම සංඛ්‍යාවකදී ටෙස්ට් කඩුලු 50 ක් බිද හෙලා තිබුණේ දිල්රුවන් පෙරේරා විසින්.

ඔහු ටෙස්ට් තරග 11 කදී ඉනිම් 22 ක් ක්‍රීඩා කරමින් එම කඩඉමට ළගා වී තිබුණා.

රමේෂ් මෙන්ඩිස් අද නිමා වූ තරගයේ අයර්ලන්ත දෙවැනි ඉනිමේ දී ලකුණු 76 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...