තරගාවලියේ ජය එංගලන්තයට

Date:

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගයෙන් එංගලන්තය කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

සවුත්හැම්ටන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා.

නායක ආරෝන් ෆින්ච් ලකුණු 40ක් සහ මාර්කස් ස්ටොයිනිස් ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ක්‍රිස් ජෝඩන් ලකුණු 40කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ජොස් බට්ලර් නොදැවී ලකුණු 77ක් රැස් කළේ පන්දු 54කට මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ඇතුළත්.

ඩාවිඩ් මලාන් ලකුණු 42යි.

තරගයේ වීරයා ජොස් බට්ලර්.

දෙරට අතර පැවැත්වීමට නියමිත අවසන් 20යි 20 තරගය හෙට(8) පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...