IPL තරග කාලසටහන එළිදකියි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය එළඹෙන 19 වනදා පසුගියවර ශූරයින් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

එක් දිනකදී තරග ද්විත්වයක් පැවැත්වෙන දින 10ක් ද මෙවර තරගාවලියට ඇතුළත්.

දහවල් ආරම්භ වන තරග මෙරට වේලාවෙන් පස්වරු 3.30ටද, රාත්‍රී තරග පස්වරු 7.30ට ද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙවර පැවැත්වෙන තරගාවලියේ තරග 24ක් ඩුබායි හී දී ද, තරග 20ක් අබුඩාබි හී දී ද තරග 12ක් සාජා හී දී ද පැවැත්වෙනු ඇති.

තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන පසුව ප්‍රකාශයට පත් කරන බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේනදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

තරග කාලසටහන පහතින් –

Dream-11-IPL-2020-Match-Schedule-UAE

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...