රෂීඩ් ඇතුලු 6කට කොදෙව් දූපත් හි රැදෙන්න අවසර

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින සිය ක්‍රීඩකයින් 6 දෙනාට එම තරගාවලිය අවසන් වන තුරු ඒ සදහා ක්‍රීඩා කිරීම සදහා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය සහ ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය අතර පැවැති සාකච්ඡාවකින් පසුවයි.

ඒ අනුව අදාළ ක්‍රීඩකයින් 6 දෙනට ඇෆ්ඝනිස්තාන දී ආරම්භ වූ Shpageeza T20 League තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වනු ඇති.

එම තරගාවලිය අද(6) ආරම්භ වූ අතර, මෙවර සී.පී.එල් තරගාවලිය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන 10 වැනිදායි.

රෂීඩ් ඛාන්, මොහොමඩ් නබී, මුජීබ් රහ්මාන්, නවීන් උල් හක්, නජිබුල්ලාහ් සඩ්රාන් සහ සහීර් ඛාන් යන ක්‍රීඩකයින්ටයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය මෙලෙස අවසර ලබා දී ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...