දිමුත්-මෙන්ඩිස් 181 ක සම්බන්ධතාවය පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාවට නතු කරයි

Date:

සිය 15 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ මේ දක්වා වැඩි ගෞරව ශ්‍රී ලංකාවට නතු කර දීමට නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ගාල්ලේ දී අද (16) ආරම්භ වූ අතර, තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් තේ පානය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 245 ක්.

දිමුත් පන්දු 150 කින් නොදැවී ලකුණු 114 ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ හතරේ පහර 9 ක් ද සමගින්. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 94 යි. පන්දු 139 කින් වාර්තා වී ඇති ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 13 ක් අන්තර්ගත වී තිබෙනවා. දිමුත් හා මෙන්ඩිස් අතර මේ වන විට දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 181 ක්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස නිශාන් මදුෂ්ක ලකුණු 29කට දවා ගැනීමට කර්ටිස් කැම්පර් සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...