අරුම පුදුම හය සහ පොලාඩ් – ෆ්ලෙචර් ගැටුම

Date:

කොදෙව් ක්‍රීඩකයින් විටෙක විනෝදයට බරයි වගේම තවත් විටෙක වලියට බරයි.

එවැනි අවස්ථා ඕනෑ තරම් ක්‍රිකට් පිටියේ දී අප දැක තිබෙනවා.

මේ දිනවල කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ද එවැනි සිදුවීම් නැතුවාම නොවේ.

ඊයේ (5) ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම අතර පැවැති තරගයේ දී ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීම් ද්විත්යක් ම වුණා.

ඉන් පළමුවැන්නනම් ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමේ පිතිකරු ඇන්ඩ්‍රි ෆ්ලෙචර් විසින් කිරන් පොලාඩ්ට එරෙහිව එල්ල කළ අරුම පුදුම හයේ පහරයි.

ක්‍රිකට් පිටියේ අප සාමාන්‍යයෙන් දකින හයේ පහරවල්වලට වඩානම් එය අතිශය වෙනස්.

මීට පෙර ද ඔහු මෙවැනි හයේ පහරවල් එල්ල කර ඇති බව ඔබට මතක ඇති.

එම පහරේ විශේෂත්වය වචනයෙන් විස්තර කළ නොහැකියි.

දෙවැනි සිදුවීම නම් එම හයේ පහර එල්ල කිරීමෙන් පන්දු තුනකට පසුව ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 42කට දවා ගත් නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක කිරන් පොලාඩ් එය සැමරූ ආකාරයයි.

එය පොලාඩ්ගේ 50 වැනි සී.පී.එල් කඩුල්ල වීම ද විශේෂත්වයක්.

එම අවස්ථා දෙකේ දර්ශන ඔබම නරඹා එහි අපූර්වත්වය රස විදින්න.

ඊට අදාළ වීඩියෝ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...