ප්‍රීටි සින්ටාගේ පංජාබ් පිලට ශාරුක් ඛාන් ජය ගෙනෙයි

Date:

සිකන්ඩ රාසා පන්දු 41 කින් වාර්තා කළ ලකුණු 57 හා ශාරුක් ඛාන්ගේ සටන්කාමී කෙටි ඉනිම හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(15) සමත් වුණා.

ලක්නව් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සුපර් ජයන්ට්ස් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 159 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රාසාගේ අර්ධ ශතකයට හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් ඇතුළත්. මැතිව් ශෝර්ට් ලකුණු 34 ක් ද, හර්ප්‍රීට් සිං ලකුණු 22 ක් ද ලබා ගත්තා. ශාරුක් ඛාන් පන්දු 10 කින් නොදැවී ලකුණු 23 ක් ලබා ගනිමින් අවසන් පන්දුවාරයේ දී සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. හයේ පහර 2ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී යුද්විර් සිං, මාර්ක් වුඩ් හා රවී බිෂ්නෝයි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම වෙනුවෙන් නායක කේ.එල් රාහුල් ලකුණු 74 ක් ලබා ගත්තේ පන්දු 56 කින්. හයේ පහරක්, හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී සෑම් කරන් ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්තා. කාගිසෝ රබාඩා කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 34 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...