ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 20 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 23ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද සමත් වුණා.
බැංගලූරුහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 174 ක් ලබාගත්තා.
විරාත් කෝලි ලකුණු 50කට දැවී ගිය අතර පන්දු යැවීමේදී මිචෙල් මාෂ් හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ දිල්ලි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 151 ක් පමණයි.
මනීෂ් පාන්ඩේ ලකුණු 50 යි. පන්දු යැවීමේදී විජයකුමාර් ව්යශාක් ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තා.
වනිදු හසරංග පන්දුවාර තුනක් යොමු කරමින් ලකුණු 37කට එක් කඩුලක් බිද හෙලිමට සමත් වුණා.

