ලොව ධනවත්ම T 20 ලීගයට ඉන්දීය ක්‍රීඩකයින් නිදහස් නොකරන බවට ප්‍රකාශයක්

Date:

සෞදි අරාබියේ පැවැත්වීමට සැලසුම් කරන බව කියන ලොව ධනවත්ම 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩකයින් නිදහස් නොකරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

අදාළ තරගාවලියට ඉන්දීය ක්‍රීඩකයින් ද ක්‍රීඩා කරනු ඇති බවට පල වන මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනුයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙකු ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත මේ බව සදහන් කර ඇත්තේ.

විදෙස් ලීග් ක්‍රිකට් තරගාවලි සදහා ඉන්දීය ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදෙන අතර, මෙම නවතම ලීග් තරගාවලිය වෙනුවෙන් ද එම ප්‍රතිපත්තිය වෙනස් නොවන බව එම ප්‍රකාශකයා සදහන් කර තිබෙනවා.

සෞදි අරාබිය මේ වන විටත් අයි.පී.එල් කණ්ඩායම් සමග ද මෙම තරගාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...