බුම්රා හා අයියර් ගැන ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා මේ වන විට සිය පුනරුත්තාපන කටයුතු ආරම්භ කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

පසුගිය මාසයේ දී ඔහු සිය පිට කොන්ද ආශ්‍රිත ආබාධ තත්ත්වය හේතුවෙන් නවසීලන්තයේ දී ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර, එම ශල්‍යකර්මය සාර්ථක බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

ශල්‍යකර්මයෙන් සති හයකට පසුව පුනරුත්තාපන කටයුතු ආරම්භ කරන ලෙස විශේඥ වෛද්‍යවරුන් ඔහුට උපදෙස් ලබා දී තිබුණා.

ඒ අනුව බුම්රා සිකුරාදා දිනයේ සිට සිය පුනරුත්තාපන කටයුතු බැංගලූරුහි ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී ආරම්භ කර තිබෙනවා.

මෙම ආබාධය හේතුවෙන් ජස්ප්‍රිට් බුම්රා පසුගිය සැප්තැම්බර් මාසයේ සිට කිසිදු තරගයක් සදහා මෙතෙක් ක්‍රීඩා කර නැහැ. ආබාධය නිසා ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලිය මෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ද ක්‍රීඩා කිරිමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

මේ අතර, පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටින ඉන්දීය පිතිකරු ෂ්රෙයස් අයියර් ලබන සතියේ දී ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිතව සිටින බව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.

ඔහු සති දෙකක කාලයක් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවීමට නියමිත අතර, අනතුරුව පුනරුත්තාපන කටයුතු සදහා ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත පැමිණීමට නියමිතයි.

ඔහුට ද මෙම ආබාධය හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලිය මෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ද ක්‍රීඩා කිරිමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...