ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් ආයතනයෙන් සුබ ආරංචියක්

Date:

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ ටෙස්ට් තරග දෙක ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමකින් තොරව නොමිලේ නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව තරග පැවැත්වෙන දිනවලදී දොරටු අංක 4 න් ප්‍රේක්ෂකයින්ට ගාලු ක්‍රීඩාංගනයට ඇතුළු වීමට අවස්ථාව හිමි වන බවයි ක්‍රිකට් ආයතනය අද (15) නිවේදනය කළේ.

තරගාවලියේ පළමු තරගය හෙට පෙරවරු 10 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරග සංචාරය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

Also Read : ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගාවලියේ තරග නිලධාරීන් හා ජාත්‍යන්තර විස්තර විචාරකයින් නිවේදනය කෙරේ

මෙම සංචාරය යටතේ එක් ටෙස්ට් තරගයක් හා එක්දින තරග 2ක් පැවැත්වීමට පළමුව නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, පසුව දෙරටේ ක්‍රිකට් ආයතන අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව එක්දින තරග දෙක ඉවත් කිරීමට තීරණය කෙරුණු අතර, එක් ටෙස්ට් තරගයක් වෙනුවට ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමටයි තීරණය කෙරුණේ.

මේ අතර, තරගාවලියේ විකාශන කටයුතු සිදු වන ආකාරය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. ඒ පිළිබද තොරතුරු සදහා මෙතන් ක්ලික් කරන්න.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...