උදාර, දුවිදු, සන්තුශ් බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයට

Date:

එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන මූලික ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත් බවයි newswire වෙබ් අඩවිය වාර්තා කළේ.

නිමා වූ අන්තර් ක්‍රීඩා සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු දහසේ සීමාව පසු කළ ළහිරු උදාර ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

එමෙන්ම නවක දග පන්දු යවන ක්‍රීඩක දුවිදු තිලකරත්න ද සංචිතයට ඇතුළත්.

20 හැවිරිදි යොවුන් පිතිකරුවෙකු වන සන්තුශ් ගුණතිලක ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන මස මැද දී ආරම්භ වීමට නියමිතයි.

ඒ සදහා සහභාගී වීමට බංග්ලාදේශ කණ්ඩායම මෙම මස අගදී දිවයිනට පැමිණෙනු ඇති.

මූලික සංචිතය –

Dimuth Karunaratne (C), Oshada Fernando, Lahiru Udara, Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Kusal Perera, Niroshan Dickwella, Minod Bhanuka, Lahiru Thirimanne, Santhush Gunathilaka, Kamindu Mendis, Dhananjaya de Silva, Wanindu Hasaranga, Dilruwan Perera, Lakshan Sandakan, Lasith Embuldeniya, Duvindu Tillakaratne, Suranga Lakmal, Lahiru Kumara, Vushva Fernando, Kasun Rajitha, Asitha Fernando

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...