කාන්තා ප්‍රිමියර් ලීගයට වෙනස්කම් දෙකක්

Date:

කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලිය දීපාවලි සමයේ දී (නොවැම්බර්) පැවැත්වීම පිළිබද මේ වන විට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

තරගාවලියේ පළමු අදියර පසුගිය මාර්තු 4 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැති අතර, තරගාවලියට එක් වූ කණ්ඩායම් සංඛ්‍යාව 5 ක්.

තරගාවලිය අවසන් වී දින පහකින් පමණ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලිය මෙවර ආරම්භ වූ අතර, එම තරගාවලි දෙක අතර පරතරය වැඩි කර ගැනීමේ අරමුණින් එරට ක්‍රිකට් ආයතනය WPL තරගාවලිය දීපාවලි සමයේ දී පැවැත්වීමට අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම ලබන අදියරේ සිට අයි.පී.එල් තරගාවලිය මෙන් සත්කාරක හා සංචාර ආකෘතිය යටතේ (home-away format) තරගාවලිය පැවැත්වීමට ද මේ වන විට අවධානය යොමු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...