හෙන්රිගේ කඩුලු ත්‍රිත්වය පසෙකලා රවුෆ්ගේ කඩුලු 4 පාකිස්තානයට දැවැන්ත ජයක් ගෙනෙයි

Date:

හැරිස් රවුෆ් ලකුණු 18 කට බිද හෙලූ කඩුලු 4 හමුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 88 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගැනීමට පාකිස්තානය සමත් වුණා.

ලාහෝර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 182 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 15.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94 ක් පමණයි.

මාර්ක් චැප්මන් ලකුණු 34 ක්, ටොම් ලේතම් ලකුණු 20 ක් හා ජේම්ස් නීෂම් ලකුණු 15 ක් රැස් කළා. හැරිස් දවා ගත් කඩුලු 4ට අමතරව ඉමාඩ් වසීම් එක් පන්දුවාරයකදී ලකුණු 2 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් ෆකාර් සමාන් හා සයිම් අයුබ් ලකුණු 47 බැගින් ලබා ගත්තා. ෆහීම් අශ්රෆ් ලකුණු 22 යි.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත් අතර, එම කඩුලු තුනම පිට පිට පන්දු තුනකදී දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කිරීමට ඔහු සමත් වුණා. 13 වැනි පන්දුවාරයේ පස්වැනි හා 6 වැනි පන්දුවලදී සහ 19 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී යි ඔහු මෙලෙස කඩුලු ත්‍රිත්වයක් බිද හෙලුවේ. (දර්ශන පහතින්)

ඇඩම් මිල්න් හා බෙන් ලිස්ටර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...