රින්කු-රානා ප්‍රහාරය අභිබවා බෘෘක්ගේ සුපිරි ශතකය සන්රයිසස් පිලට ජය ගෙනෙයි

Date:

හැරී බෘෘක් නොදැවී වාර්තා කළ සුපිරි ශතකය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා ලකුණු 23 ක තියුණු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(14) සමත් වුණා.

කොල්කටා හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 229 ක ඉලක්කයක් හඹා ගිය කොල්කටා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 205 ක් පමණයි.

නායක නිටිෂ් රානා පන්දු 41 කින් ලකුණු 75 ක් ලබා ගත්තේ හයේ පහර 6 ක් හා හතරේ පහර 5 ක් සමගින්. නාරායන් ජගදීසන් ලකුණු 36(21) යි. මෙම තරගයේ දී ද සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට ප්‍රබල සටනක නිරත වූ රින්කු සිං පන්දු 31 කින් නොදැවී ලකුණු 58 ක් රැස් කළ නමුත් එය ජයග්‍රහනය සදහා ප්‍රමාණවත් වූයේ නැහැ. රින්කුගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී Marco Jansen හා මයාන්ක් මාකන්ඩේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් හයිදරාබාද් කණ්ඩායම ලකුණු 228 ක් රැස් කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

හැරී බෘෘක් පන්දු 55 කින් නොදැවී ලකුණු 100 ක් ලබා ගත්තේ හයේ පහර 3කින් හා හතරේ පහර 12 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.

නායක ඒඩ්න් මාක්‍රම් පන්දු 26 කින් වේගවත් ලකුණු 50 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 2 ක් සමගින්. අභි‍‍‍ෙෂ්ක් ෂර්මා ලකුණු 32(17) ක් හා හෙන්රික් ක්ලාසන් ලකුණු 16(6) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අන්ඩ්‍රි රසල් ලකුණු 22 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...