ස්ටොක්ස් තවදුරටත් ඉවතට ; දෝනි ගැනත් ප්‍රකාශයක්

Date:

පාදයක ආබාධයකට ලක්ව සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට මෙවර අයි.පී.එල් තරගාවලියේ තවත් තරග 3ක් පමණ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුට සිය ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබීම සදහා තවත් සතියක පමණ කාලයක් ගත වන බවයි චෙන්නායි කණ්ඩායමේ කලමනාකාරීත්වය පෙන්වා දෙන්නේ.

මෙවර තරගාවලිය සදහා ඔහුව චෙන්නායි කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 16.25 ක මිලකටයි.

මේ දක්වා ඔහු මෙවර තරග වාරයේ දී තරග 2ක් ක්‍රීඩා කර ඇති අතර, ආබාධය හේතුවෙන් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නොහැකි වුණා. ක්‍රීඩා කළ තරග දෙකේ දී ස්ටොක්ස් පිළිවෙලින් රැස් කළේ ලකුණු 7 ක් හා 8 ක් පමණයි. යොමු කරනු ලැබුවේ ද එක් පන්දුවාරයක් පමණයි.

මේ අතර, දණහිසක ආබාධයකට ලක්ව සිටින නායක මහේන්ද්‍ර සිං දෝනිට ගැටලුවකින් තොරව ඉදිරි තරග ද ක්‍රීඩා කිරීමට හැකි බවයි චෙන්නායි පිලේ කලමනාකාරීත්වය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ආබාධයක් සහිතව ක්‍රීඩා කළ ද, දෝනි මෙවර තරග වාරයේ දි මේ දක්වා ඉනිම් තුනකදී ලකුණු 58 ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ, 215 ක පමණ ප්‍රහාරාත්මක වේගයක් ද සටහන් කර ගනිමින්. නමුත්, ඔහුගේ කඩුලු අතර දිව යාම තරමක් මන්දගාමී ස්වරූපයක් ගෙන ඇති බව දක්නට ලැබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...