IPL තරගාවලියේ වැඩිම මූල්‍ය කප්පාදුවක් සිදු වූ ක්‍රීඩකයින් 8 දෙනා

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 18 ක් මේ වන විට පවත්වා අවසන්.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට තවදුරටත් සමත්ව ඇත්තේ තරග 4කින් තරග 3ක් ජය ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

දෙවැනි ස්ථානය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමටත් හිමිව තිබෙනවා.

මෙවර තරගාවලිය සදහා ද සුපුරුදු පරිදි අති විශාල මුදලක් වියදම් කරමින් ක්‍රීඩකයින් මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කර තිබූ බව ඔබ හොදින්ම දන්නා කරුණක්.

මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ මෙවර තරගාවලිය වෙනුවෙන් පසුගිය වසරවලට සාපේක්ෂව වැඩිම මූල්‍ය කප්පාදුවක් සිදුව ඇති ක්‍රීඩකයින් සම්බන්ධයෙනුයි.

8. මනීෂ් පාන්ඩේ –

2022 තරග වාරය සදහා ඔහුව ඉන්දීය රුපියල් කෝටි 4.6 ක මුදලකට මිලදී ගත්ත ද, මෙම වසර සදහා ඔහුව මිලදී ගත්තේ කෝටි 2.4 ක මුදලකට පමණයි. ඒ අනුව ඔහුට මුහුණ දීමට සිදු වූ මූල්‍ය කප්පාදුව කෝටි 2.2 ක්.

7. ජේසන් හෝල්ඩර් –

2022 තරග වාරය සදහා ඔහුට හිමි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 8.75 ක් වූ නමුත්, මෙම වසර සදහා ඔහුට හිමිව ඇත්තේ කෝටි 5.75 ක මුදලක් පමණයි. සිදුව ඇති මූල්‍ය කප්පාදුව කෝටි 3 ක්.

6. ඔඩියන් ස්මිත් –

පසුගිය තරග වාරය සදහා ඉන්දීය රුපියල් කෝටි 6 ක මුදලක් ඔහුට හිමි වුණා. කෙසේ වෙතත්, මෙවර තරග වාරය වෙනුවෙන් ඔහුට හිමිව ඇත්තේ රුපියල් ලක්ෂ 50 මුදලක් පමණයි. සිදුව ඇති මූල්‍ය කප්පාදුව කෝටි 5.5 ක්.

5. මයාන්ක් අගාර්වල් –

2022 තරග වාරය සදහා ඔහුට හිමි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 14 ක් වූ නමුත්, මෙම වසර සදහා ඔහුට හිමිව ඇත්තේ කෝටි 8.25 ක මුදලක් පමණයි. සිදුව ඇති මූල්‍ය කප්පාදුව කෝටි 5.75 ක්.

4. රොමාරියෝ ෂෙපර්ඩ් –

පසුගිය තරග වාරය සදහා ඉන්දීය රුපියල් කෝටි 7.5 ක මුදලක් ඔහුට හිමි වුණා. කෙසේ වෙතත්, මෙවර තරග වාරය වෙනුවෙන් ඔහුව මිලදී ගත්තේ රුපියල් ලක්ෂ 50 ක මුදලකටයි. සිදුව ඇති මූල්‍ය කප්පාදුව කෝටි 7 ක්.

3. කේන් විලියම්සන් –

ඉන්දීය රුපියල් කෝටි 14 ක මුදලක් ඔහුට 2022 තරග වාරය සදහා හිමි වුව ද, 2023 තරග වාරය සදහා ඔහු මිලදී ගැණුනේ කෝටි දෙකක මුදලකටයි. සිදුව ඇති මූල්‍ය කප්පාදුව කෝටි 12 ක්.

2. ජායි රිචර්ඩ්සන් – 

2022 තරග වාරය සදහා ඔහුට හිමි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 14 ක් වූ නමුත්, මෙම වසර සදහා ඔහුට හිමිව ඇත්තේ කෝටි 1.5 ක මුදලක් පමණයි. මුහුණ දීමට සිදු වූ මූල්‍ය කප්පාදුව කෝටි 12.5 ක්.

1. ක්යිල් ජමීසන් –

2021 වසරේ දී ඔහුට ඉන්දීය රුපියල් කෝටි 15 ක මුදලක් හිමි වූ නමුත්, 2023 තරග වාරය සදහා හිමිව ඇත්තේ කෝටියක වටිනාකමක් පමණයි. සිදුව ඇති මූල්‍ය කප්පාදුව කෝටි 14 ක්. ඔහු 2022 තරග වාරය සදහා ක්‍රීඩා කළේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...