ගිල්ගේ ඉනිම හා තෙවාටියාගේ හතරේ පහර ටයිටන්ස් පිලට ජය ගෙනෙයි

Date:

ෂුබ්මන් ගිල් පන්දු 49 කින් රැස් කළ ලකුණු 67 හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(13) සමත් වුණා. තරගය ජය ගැනීම සදහා ලකුණු 154 ක ඉලක්කයක් හඹා ගිය ටයිටන්ස් පිතිකරුවන් ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මොහාලි හී දී පැවැති තරගයේ කාසියේ වාසියේ දිනූ ටයිටන්ස් නායක හර්ඩික් පාන්ඩ්යා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පංජාබ් කිංග්ස් කණ්ඩායමට ලබා දුන්නා.

මෙම තරගය සදහා පංජාබ් කණ්ඩායම වෙනුවෙන් සිකන්ඩ රාසා වෙනුවට භානුක රාජපක්ෂ යළි කැදවා තිබූ අතර, නේදන් ඇලස් වෙනුවට කාගිසෝ රබාඩා ද කණ්ඩායමට නම් කර තිබුණා. මෝහිට් ෂර්මා මෙම තරගයේ දී ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් වරම් දිනා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153 ක් පමණයි. ආරම්භක පිතිකරුවන් වූ ප්‍රභ්සිම්රන් සිං ලකුණු නොලබා හා ශිකර් ධවාන් ලකුණු 8කට දැවී ගියා. මැතිව් ශෝර්ට් ලකුණු 36(24) යි. භානුක රාජපක්ෂ පන්දු 26 කින් ලකුණු 20 ක් ලබා ගත් අතර, ජිටේෂ් ෂර්මා ලකුණු 25 යි. සෑම් කරන් හා ශාරුක් ඛාන් ලකුණු 22 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මෝහිට් ෂර්මා ලකුණු 18 කට කඩුලු 2 ක් දවා ගත්තා. මොහමඩ් ෂාමි, ජොෂ් ලිට්ල්, අල්සාරි ජෝසප් හා රෂීඩ් ඛාන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් පිල පන්දුවාර 19.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා. ෂුබ්මන් ගිල් ලබා ගත් ලකුණු 67 ට හයේ පහරක් හා හතරේ පහර 7 ක් ඇතුළත්. ඔහු සමග ඉනිම ආරම්භ කළ ව්රිධිමන් සහා ලකුණු 30 යි.

සායි සුදර්සන් ලකුණු 19 කට හා හර්ඩික් පාන්ඩ්යා ලකුණු 8 කට දැවී ගියා. ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 17 ක් ලබා ගත් අතර, පංජාබ් කණ්ඩායමට ජයග්‍රහනය තහවුරු කර දුන් රාහුල් තෙවාටියා පන්දු දෙකකින් නොදැවී ලකුණු 5 ක් රැස් කළා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 7ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවාරය යොමු කළ සෑම් කරන් තරගය අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුව දක්වාම රැගෙන යාමට සමත් වුණේ විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින්.

අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුවෙන් ෂුබ්මන් ගිල් දැවී යාම තරගයේ ජය කණ්ඩායම් දෙකටම විවෘත කිරීමට හේතු වුණා. නමුත්, පස්වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් තෙවාටියා තරගයේ ජය ටයිටන්ස් කණ්ඩායමට හිමි කර දුන්නා. (දර්ශන පහතින්) ඒ, අවසන් පන්දු දෙකේ දී තරගය ජය ගැනීමට ලකුණු 4 ක් අවශ්‍යව තිබූ පසුබිමකයි.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං, කාගිසෝ රබාඩා, හර්ප්‍රීට් බ්‍රාර් හා සෑම් කරන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...