තීක්ෂණ පළමු පස්දෙනා අතරට එද්දී හසරංග පසුබසියි

Date:

නවතම අයි.සී.සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරිම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(12) නිවේදනය කළා.

ඊට අනුව එහි 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිම්හි සම පස්වැනි ස්ථානය දක්වා ස්ථාන 5කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා. එය ඔහු 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි ලබා ගත් ඉහළම ස්ථානයයි.

නවසීලන්තය සමග පැවැති 20යි 20 තරගාවලියේ දී තීක්ෂණ පිළිවෙලින් 22/1, 18/0, 22/1 ලෙස පන්දු යැවීමෙන් දක්ෂතා දක්වනු ලැබුවා.

පළමු 20යි 20 තරගයේ දී සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඔහු එම පන්දුවාරයේ දී ලකුණු 8 කට කඩුලු 2 ක් දවා ගැනීමට ද සමත් වුණා.

මේ අතර, ශ්‍රී ලංකාවේ වනිදු හසරංග නවසීලන්ත තරගාවලියේ දී සැලකිය යුතු දක්ෂතා නොදැක්වීම හේතුවෙන් ඔහු දෙවැනි ස්ථානයේ සිට සිව්වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

රෂීඩ් ඛාන් එහි පෙරමුණේ පසුවන අතර, ඇෆ්ඝනිස්ථානයේම ෆසල්හක් ෆරූකි දෙවැනි ස්ථානය දක්වාත්, ඕස්ට්‍රේලියාවේ ජොෂ් හේසල්වුඩ් තෙවැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, 20යි 20 පිතිකරුවන් අතර කුසල් මෙන්ඩිස් සම 25 වැනි ස්ථානය දක්වා ස්ථාන 11 කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...