අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

Date:

2023 මාර්තු මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් සමත්ව තිබෙනවා.

ඒ, එම සම්මානය සදහා මෙවර නිර්දේශ වූ නවසීලන්තයේ කේන් විලියම්සන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අසිෆ් ඛාන් අභිබවා යමින්.

එංගලන්තය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා මෙන්ම වැඩිම කඩුලුලාභියා බවට පත් වූයේ ශකිබ් අල් හසාන්.

20යි 20 තරගාවලියේ දී ලෝක ශූර එංගලන්තයට එරෙහිව තරග 3-0 ක තරගාවලි ජයක් වාර්තා කිරිමට බංග්ලාදේශ සමත් වූ අතර, එම තරගාවලියේ දී ද ශකිබ් දක්ෂතා දක්වනු ලැබුවා.

මේ අතර, අයර්ලන්තය සමග පැවැති පළමු එක්දින තරගයේ දී ලකුණු 93 ක් වාර්තා කිරීමට ද ශකිබ් සමත් වුණා.

අනතුරුව දෙවැනි 20යි 20 තරගයේ දී පන්දු 24 කින් ලකුණු 38 ක් නොදැවී වාර්තා කළ ශකිබ්, පන්දු යැවීමේ දී ලකුණු 22 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.

මාර්තු මාසයේ දී ශකිබ් අල් හසාන් තරග 12 කදී ලකුණු 353 ක් වාර්තා කළ අතර, බිද හෙලූ කඩුලු ගණන 15 ක්.

අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ඔහු පිදුම් ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...