මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය අද (12) පැවැත්වෙනවා. ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම (CSK) හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම (RR) අතරයි.
තරගය රාත්‍රී 7.30ට චෙන්නායි හි චීපක් හි එම් ඒ චිදම්බරම් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මේ වන විට RR කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, CSK කණ්ඩායම 5 වැනි ස්ථානයේ පසුවනවා.
පාදයක ආබාධයකට ලක්ව සිටින බැවින් චෙන්නායි කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චහාර්ට මෙම තරගය ද ක්‍රීඩා කිරිමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
එමෙන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය පාදයක ආබාධයක් හේතුවෙන් අහිමි වූ බෙන් ස්ටොක්ස්ට අද තරගය ද අහිමි වීමට නියමිතයි.
ඔහුට සම්පූර්ණයෙන් සුවය ලැබීම සදහා තවත් දින 4 ක් 5ක් වැනි කාලයක් ගත වනු ඇති.
අද තරගය සදහා ඇතැම් විට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සදහා එක්ව සිටි බැවිනුයි ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු තරග කිහිපය ක්‍රීඩා කිරීමට නොහැකි වුණේ.
චෙන්නායි කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ තරගය සදහා ක්‍රීඩා කළ විදෙස් ක්‍රීඩකයින් වූයේ ඩෙවෝන් කොන්වේ, ඩ්වේයන් ප්‍රෙටෝරියස්, සිසන්ඩා මාගලා හා මිචෙල් සැන්ට්නර්.
ඒ අනුව මහීෂ් තීක්ෂණ අද තරගය සදහා කැදවන්නේනම් එම විදෙස් ක්‍රීඩකයින් අතරින් බොහෝ දුරට ඩ්වේයන් ප්‍රෙටෝරියස් හෝ සිසන්ඩා මාගලා හෝ මිචෙල් සැන්ට්නර් කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදු වනවා.
චෙන්නායි කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ තරගය සදහා අසනීප තත්ත්වයක් හේතුවෙන් එංගලන්ත ක්‍රීඩක මොයීන් අලී ද ක්‍රීඩා කළේ නැහැ.

