Watch : පිටියෙන් එළියට ඩු ප්ලෙසිස් ගහපු මීටර් 115 ක් දිග හයේ පහර

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට අද(10) සමත් වුණා.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව මෙම තරගය අද රාත්‍රියේ ආරම්භ වුණේ බැංගලූරු හී දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලෝර් කණ්ඩායමට ලබා දුන්නා.

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග නවසීලන්තයේ සිට ඉන්දියාවට පැමිණ අද දිනයේ දී බැංගලෝර් සංචිතය සමග එක්වීමට නියමිතව තිබූ නමුත්, අද තරගය සදහා ඔහුව ඇතුළත් කිරීමට බැංගලෝර් කණ්ඩායම කටයුතු කර තිබුණේ නැහැ.

හසරංගට නවසීලන්තයේ සිට දීර්ඝ ගුවන් ගමනක නිරත වීමට සිදු වීම මෙන්ම කණ්ඩායම සමග එක්වන වේලාව පිළිබද සලකා බලා ඔහුව මෙම තරගයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි මීට පෙර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සදහන් කර තිබුණේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 96 ක්.

විරාට් කෝලි සිය 46 වැනි අයි.පී.එල් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 61ක් ලබා සිටියදී දැවී යාමත් සමගයි එම සබදතාවය බිද වැටුණේ.

මෙම තරගය අතරතුර දී ෆෆ් ඩු ප්ලෙසිස් විසින් මීටර් 115 ක දුරකින් යුත් හයේ පහරක් එල්ල කිරීමට සමත් වීම කැපී පෙනුණා.

ඔහු විසින් එම හයේ පහර එල්ල කළේ ඉනිමේ 15 වැනි පන්දුවාරයේ දී රවී බිෂ්නෝයිට එරෙහිවයි.(දර්ශන කිහිපයක් පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...