Watch : කෝලි ගහපු අලංකාර හයේ පහර

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු විරාට් කෝලි අද (10) රාත්‍රියේ ආරම්භ වූ අයි.පී.එල් තරගයේ දී එල්ල කළ අලංකාර හයේ පහරක් වෙත මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව බැංගලෝර් හීදී ආරම්භ වූ තරගයේ දී යි ඔහු මෙම සුපිරි හයේ පහර එල්ල කිරිමට සමත් වුණේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලෝර් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් රැස් කළා.

ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 96 ක්. විරාට් කෝලි සිය 46 වැනි අයි.පී.එල් අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 44 කින් ලකුණු 61ක් ලබා සිටියදී දැවී යාමත් සමගයි එම සබදතාවය බිද වැටුණේ.

ඔහු සිය ඉනිම හයේ පහර 4 කින් හා හතරේ පහර 4 කින් වර්ණවත් කර ගත්තා.

බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව ඇති මෙම අලංකාර හයේ පහර කෝලි එල්ල කළේ ඔහු ලකුණු 34 ක් ලබා සිටියදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...