LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් 190ක්

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් 190 දෙනෙකු ක්‍රීඩා කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, තරගාවලියට එක්වීමට අවස්ථාව හිමි වන්නේ ඉන් 30 දෙනෙකුට පමණයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා Daily FT පුවත්පත වෙත සදහන් කර ඇත්තේ එළඹෙන 7 වනදා වන විට කණ්ඩායම්වල හිමිකරුවන් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම මස අවසන් වන විට ක්‍රීඩක වෙන්දේසිය සිදු කිරීමට ද අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තරගාවලියට කණ්ඩායම් 5ක් එක්වන අතර, එක් කණ්ඩායමක සංචිතයකට ලබා ගත හැකි වන්නේ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු පමණයි.

කෙසේ වෙතත්, තරගයක් සදහා කණ්ඩායමකට ක්‍රීඩා කළ හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් ගණන 4ක්.

මෙවර එල්.පී.එල් තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...