පාන්ඩ්යාගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

Date:

කෘෘනාල් පාන්ඩ්යාගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද(7) සමත් වුණා.

ලක්නව් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 121 ක් රැස් කළ අතර, තරගය ජය ගැනීම සදහා ලකුණු 122 ක ඉලක්කයක් හඹා ගිය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කේ.එල් රාහුල් ලකුණු 35 (31) කට දැවී ගියා. කෘෘනාල් පාන්ඩ්යා ලකුණු 34 (23) යි.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර්, ෆසල්හක් ෆරූකි හා උම්රාන් මලික් කඩුල්ල බැගින් බිද හෙලූ අතර, අඩිල් රෂිඩ් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් රාහුල් ත්‍රිපාති ලකුණු 34 ක් හා අන්මොල්ප්‍රීට් සිං ලකුණු 31 ක් ලබා ගත්තා. අබ්දුල් සමාද් නොදැවී ලකුණු 21 යි. වොෂින්ටන් සුන්දර් ලකුණු 16 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කෘෘනාල් පාන්ඩ්යා ලකුණු 18 කට කඩුලු 3 ක් හා අමිත් මිශ්‍රා ලකුණු 23 කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...