මුම්බායි කණ්ඩායමෙන් ක්‍රීඩක ආදේශ කිරීමක් ; භානුකගේ තත්ත්වයත් යහපත්

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක Riley Meredith සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ආබාධයකට ලක් වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ජායි රිචර්ඩ්සන් වෙනුවටයි මෙම ආදේශ කිරීම සිදු කර ඇත්තේ.

පාදයක ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් රිචර්ඩ්සන්ට මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

Riley Meredith 20 යි 20 ජාත්‍යන්තර තරග 5 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 8 ක් දවා ගෙන තිබෙනවා.

මීට පෙර ඔහු පංජාබ් කිංග්ස් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කර තිබූ අතර, මෙවර තරගාවලිය වෙනුවෙන් ඔහු ගිවිසුම්ගත වී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 1.5 ක මුදලකටයි.

මේ අතර, ඊයේ(5) පැවැති අයි.පී.එල් තරගයේ දී ආබාධයකට ලක් වූ පංජාබ් කණ්ඩායමේ පිතිකරු භානුක රාජපක්ෂගේ ආබාධ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...