NSL එක්දින ශූරතාවය දඹුල්ලට ; සම්මාන බෙදී ගියේ මෙහෙමයි

Date:

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම අද(6) සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් මහා තරගයේ දී යාපනය කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායමට පන්දුවාර 47.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.

නවෝද් පරණවිතාන ලකුණු 51 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී සොනාල් දිනූෂ, ලක්ෂාන් සදකැන් හා දුෂාන් හේමන්ත කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පවන් රත්නායක ලකුණු 62 ක් හා සොනාල් දිනූෂ නොදැවී ලකුණු 45 ක් රැස් කළා.

අවසන් තරගයේ වීරයා ලෙස සොනාල් දිනූෂ සම්මානයෙන් පිදුම් ලැබුවා. තරගාවලියේ වීරයා වූයේ අශේන් බණ්ඩාර.

තරගාවලියේ හොදම පිතිකරු ලෙස පසිදු සූරියබණ්ඩාර සම්මානයෙන් පිදුම් ලැබූ අතර, හොදම පන්දු යවන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ලහිරු සමරකෝන්.

Prize Money :

Champions: LKR 2,000,000
Runner up: LKR 1,000,000
Player of the Tournament: LKR 300,000
Best Batman: LKR 150,000
Best Bowler: LKR 150,000
Player of the Finals: LKR 75,000

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...