යුස්වේන්ද්‍ර චෙහල් මාලිංග අභිබවා යයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දෙවැනි වැඩිම කඩුලුලාභියා බවට පත් වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චෙහල් අද(5) සමත් වුණා.

ඒ, පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී ලකුණු 50 කට එක් කඩුල්ලක් දවා ගනිමින්.

අයි.පී.එල් ඉතිහාසයේ දී චෙහල් මේ වන විට තරග 133 කදී බිද හෙලා ඇති කඩුලු ගණන 171 ක්.

වැඩිම කඩුලුලාභීන් අතර දෙවැනි ස්ථානය මෙතෙක් හිමි කර ගෙන සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. මාලිංග තරග 122 කදී කඩුලු 170 ක් බිද හෙලා තිබුණා.

අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වන්නේ තරග 161 කදී කඩුලු 183 ක් බිද හෙලූ ඩ්වේයන් බ්‍රාවෝ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...