Watch : භානුක පිටියෙන් ඉවත් කළ දරුණු අනතුර

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (5) රාත්‍රියේ ආරම්භ වූ අට වැනි තරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ ආබාධයකට ලක් වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමගින් ගුවහාටි හී දී පැවැත්වෙන මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට රාජස්ථාන කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි පංජාබ් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා ලකුණු 90 සබඳතාවක් පිහිටුවීමට Prabhsimran Singh හා ශිකර් ධවාන් සමත් වුණා.

Prabhsimran Singh ලකුණු 60 ක් රැස් කළේ පන්දු 34 කින්.

ඔහු දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ එක් පන්දුවකට පමණක් මුහුණ දී එක් ලකුණක් ලබා සිටියේ දී යි අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක් වුණේ.

පන්දු යවන අන්තයේ ඔහු රැඳී සිටින අවස්ථාවක පිතිකරණයේ නිරත වෙමින් සිටි ශිකර් ධවාන් එල්ල කළ පහරකින් අනතුරුව පෙරළා පන්දු යවන අන්තය වෙත වේගයෙන් පැමිණි පන්දුව භානුකගේ අතේ වැදීමෙන් මෙම ආබාධය සිදුවුණා.

අනතුරුව භානුකට මූලික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රීඩාංගනය තුළදීම ලබා දුන් අතර, පසුව ඔහුව ක්‍රීඩාංගණයෙන් ඉවතට රැගෙන යාමටයි කටයුතු කෙරුණේ.

එම අනතුරේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...