රහීම්ගේ ශතකය හමුවේ අයර්ලන්තය ඉනිමක පරාජයෙන් ගැළවීමේ සටනක

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(5) ඩකා හි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 27 ක්. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් අයර්ලන්තය තවත් ලකුණු 128 ක් ලබා ගත යුතුයි.

හැරී ටෙක්ටර් නොදැවී ලකුණු 8 ක් හා පීටර් මුවර් නොදැවී ලකුණු 10 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් හා තයිජුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 34 ක්. ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 369 ක් රැස් කළා.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 126 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 15 ක් සමගින්. නායක ශකිබ් අල් හසාන් ලකුණු 87 කටත්, මෙහිදි හසාන් ලකුණු 55 කටත් දැවී ගියා. පන්දු යැවීමේ දී Andy McBrine ලකුණු 118 කට කඩුලු 6ක් දවා ගැනීම කැපී පෙනුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායක ඇන්ඩි බල්බර්නි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 214 ක් ලබා ගත්තා. හැරී ටෙක්ටර් ලකුණු 50 යි. පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් ලකුණු 58 කට කඩුලු 5 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...