ජේසන් රෝයි නයිට් රයිඩර්ස් සමග ගිවිසුම්ගත වෙයි

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් එංගලන්ත පිතිකරු ජේසන් රෝයි සමග 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගත වී තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් නායක ෂ්රෙයස් අයියර්ට මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති පසුබිමකයි මෙම නම් කිරීම සිදු කර ඇත්තේ.

එමෙන්ම බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ද අයි.පී.එල් තරගාවලියට එක්නොවන බව පසුගියදා කොල්කටා කණ්ඩායමට දැනුම් දුන්නා.

ඒ අනුව ඉන්දීය රුපියල් කෝටි 2.8 ක මුදලකටයි කොල්කටා කණ්ඩායම විසින් රෝයි සමග ගිවිසුම්ගත වී ඇත්තේ.

ඔහු ඉන්දීය රුපියල් කෝටි 1.5 ක මූලික වටිනාකමක් යටතේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්ව සිටිය ද කිසිදු කණ්ඩායමක් වෙන්දේසියේ දී ඔහුව මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ.

ජේසන් රෝයි අවසන් වරට අයි.පී.එල් තරගාවලියක් ක්‍රීඩා කළේ 2021 වසරේ දී යි. එම තරගාවලියේ දී ඔහු සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කළ අතර, 2022 වසරේ දී ඔහුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. කෙසේ වෙතත්, පසුව ඔහු 2022 තරගාවලියට ක්‍රීඩා නොකර සිටීමටයි තීරණය කළේ.

2020 වසරේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට තෝරා ගත් අවස්ථාවේ දී ද ඔහු පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...