අසලංක හා තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(5) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව එහි 20යි 20 පිතිකරුවන් අතර 23 වැනි ස්ථානය දක්වා ස්ථාන 12 කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ චරිත් අසලංක සමත්ව තිබෙනවා.

ඒ, නවසීලන්තය සමග පැවැති පළමු 20යි 20 තරගයේ දී දැක් වූ දක්ෂතා හෙතුවෙන්.

කෙසේ වෙතත්, පැතුම් නිස්සංක 15 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස තිබෙනවා.

මේ අතර, දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ 20යි 20 පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානය දක්වා ඉරියට පැමිණ ඇත්තේ ස්ථාන 3 කින්.

පන්දු යවන්නන් අතර පෙරමුණ ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන්ට හිමිව ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාවේ වනිදු හසරංගයි.

මේ අතර, නවසීලන්තයේ මැට් හෙන්රි එක්දින පන්දු යවන්නන් අතර 5 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඒ අනුව ඔහු මේ වන විට එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස්ට වඩා පිටුපසින් පසුවන්නේ ශ්‍රේණිගත ලකුණු 29 ක් පමණයි.

දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක් එක්දින පිතිකරුවන් අතර 7 වැනි ස්ථානය දක්වා ස්ථාන 4කින් පසුබැස තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...