ශාරුක් සහ ප්‍රීටි සින්ටාත් LPL කණ්ඩායම් මිලදී ගැනීමේ සූදානමක

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන කණ්ඩායමක් මිලදී ගන්නා ලෙසට සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන්ට ආරාධනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ශාරුක් ඛාන් මේ වන විටත් අයි.පී.එල් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය දරනවා.

ඔහුට අමතරව කිංග්ස් එලවන් පන්ජාබ් කණ්ඩායමේ සම හිමිකරුවන් වන Ness Wadia, Mohit Burman සහ බොලිවුඩ් නිලි ප්‍රීටි සින්ටා වෙත ද මේ සදහා ඇරයුම් ලැබී ඇති බව සදහන්.

තවද බොලිවුඩ් නලු අභිෂේක් බච්චන් සදහා ද එල්.පී.එල් තරගාවලියේ කණ්ඩායමක් මිලදී ගන්නා ලෙසට ආරාධනා කර තිබෙනවා.

මෙම තරගාවලිය කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම සඳහා අයි. පී. ජී. (IPG) හෙවත් Innovative Production Group ආයතනය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුමකට එළැඹ සිටිනවා.

තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 හිමිකරුවන්ගේ අයිතිවාසිකම්, රූපවාහිනී විකාශනය, නිෂ්පාදනය සහ ක්‍රීඩාංගණවල අයිතීන් පිළිබඳව සියළු මෙහෙයවීම් කටයුතු අයි.පී.ජී. ආයතනය විසිනුයි සිදු කරනු ලබන්නේ.

තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...