ප්‍රබලයින් රැසක් නොමැති නවසීලන්ත එක්දින සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන පාකිස්තාන තරග සංචාරයේ එක්දින තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ ටොම් ලේතම්ටයි.

ශ්‍රී ලංකාවට එ‍රෙහි තරගාවලියට නම් කළ නවසීලන්ත සංචිතය මෙන්ම මෙම තරගාවලිය සදහා නම් කළ නවසීලන්ත සංචිතයට ද ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත් කර නැහැ.

ඒ, ටිම් සවුති, ග්ලේන් පිලිප්ස්, මිචෙල් සැන්ට්නර්, ඩෙ‍වෝන් කොන්වේ, ෆින් ඇලන්, මයිකල් බ්‍රේස්වෙල් හා ලොකී ෆර්ගසන් යන ක්‍රීඩකයින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වී සිටීම හේතුවෙන්.

කේන් විලියම්සන් ද අයි.පී.එල් තරගාවලියට එක්ව සිටි නමුත්, පළමු තරගයේ දී සිදු වූ ආබාධයක් හේතුවෙන් ඔහුට අයි.පී.එල් තරගාවලියෙන් ද ඉවත් වීමට සිදු වුණා.

මේ අතර, පෙබරවාරි මාසය දක්වා පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ Saqlain Mushtaq නවසීලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස මේ වන විට එක්ව තිබෙනවා.

මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් නොවූ Cole McConchie හා Benjamin Lister ද එක්දින සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Also Read : ශ්‍රී ලංකාවට හා පාකිස්තානයට එරෙහි නවසීලන්ත 20යි 20 සංචිත නිවේදනය කෙරේ

නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට 20යි 20 තරග 5 ක් හා එක්දින තරග 5 ක් ඇතුළත් අතර, 20යි 20 තරගාවලිය අප්‍රේල් 14 වැනිදා ලාහෝර් හී දී ද, එක්දින තරගාවලිය අප්‍රේල් 26 වැනිදා රාවල්පින්ඩි හී දී ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

New Zealand ODI squad:

Tom Latham (c),Tom Blundell, Chad Bowes, Matt Henry, Ben Lister, Cole McConchie, Adam Milne, Daryl Mitchell, Jimmy Neesham, Henry Nicholls, Rachin Ravindra, Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...