විරාට් කෝලි පන්දු 49 කින් නොදැවී වාර්තා කළ ලකුණු 82 හා නායක ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 43 කින් වාර්තා කළ ලකුණු 73 හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(2) සමත් වුණා.
බැගලෝර් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 172 ක ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 16.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
කෝලිගේ ඉනිම හයේ පහර 5කින් හා හතරේ පහර 6 කින් වර්ණවත් වුණා. ඩු ප්ලෙසිස්ගේ ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 5ක් ඇතුළත්.
බැංගලෝර් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම මෙම තරගයේ දී නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 171 ක්.
හුදෙකලා සටනක නිරත වෙමින් තිලක් වර්මා පන්දු 46 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 84 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 9 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

