භානුකගේ ප්‍රහාරය පංජාබ් පිලට ජයග්‍රාහී ආරම්භයක් හිමි කර දෙයි

Date:

භානුක රාජපක්ෂ වාර්තා කළ වේගවත් අර්ධ ශතකය හා අර්ෂ්දීප් සිංගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 7ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(1) සමත් වුණා.

මොහාලි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 191 ක් ලබා ගනිමින්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ භානුක රාජපක්ෂ අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් පන්දු 32 කින් ලකුණු 50 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්.

නායක ශිකර් ධවාන් ලකුණු 40 යි. සෑම් කරන් නොදැවී ලකුණු 26 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 54 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 146 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් තරගය නතර කිරීමට සිදු වුණා.

ඒ වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගය ජය ගැනීමටනම් කොල්කටා පිල ලකුණු 154 ක් ලබා ගත යුතුව තිබුණා. ඒ අනුවයි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 7ක ජයක් පංජාබ් කණ්ඩායමට හිමි වුණේ.

කොල්කටා ඉනිම වෙනුවෙන් අන්ඩ්‍රි රසල් ලකුණු 35 ක් හා වෙන්කටේෂ් අයියර් ලකුණු 34 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...