ශ්‍රී ලංකාව 10 වැනි තැනට ඇදදමමින් දකුණු අප්‍රිකාවට කඩුලු 8 ක පහසු ජයක්

Date:

සිසන්ඩා මාගලාගේ හා ටබ්රයිස් ශම්සිගේ විශිෂ්ඨ පන්දු යැවීමත්, ටෙම්බා බවුමාගේ නොදැවුණු සුපිරි ඉනිමත් හේතුවෙන් නෙදර්ලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර, පළමු එක්දින තරගය පැවැත්වුණේ 2021 වසරේ නොවැම්බර් 26 වැනිදායි. එම තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වූ අතර, අනතුරුව කොවිඩ් 19 වසංගය හේතුවෙන් ඉතිරි එක්දින තරග දෙක කල් දැමීමට සිදු වුණා.

ඒ අනුව එම තරගාවලියේ දෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකාව ඊයේ ජය ගැනීමත් සමග එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ දකුණු අප්‍රිකාවයි.

දකුණු අප්‍රිකාවේ Benoni හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 46.1 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 189 ක් රැස් කළා.

Teja Nidamanuru ලකුණු 48 ක් ලබා ගත් අතර, Vikramjit Singh ලකුණු 45 කට දැවී ගියා. පන්දු යැවීමේ දී සිසන්ඩා මාගලා ලකුණු 37 කට කඩුලු  3 ක් ද, ටබ්රයිස් ශම්සි ලකුණු 25 කට කඩුලු 3 ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 30 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කර ගියා.

නායක බවුමා පන්දු 79 කින් නොදැවී ලකුණු 90 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 8 ක් සමගින්. ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 51 යි. පන්දු 39 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 7 ක් ඇතුළත්. රසී වැන් ඩර් ඩසන් ලකුණු 31 යි.

මෙම ජයත් සමග ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට දකුණු අප්‍රිකාව සමත්ව ඇත්තේ මේ වන විට ප්‍රසාද ලකුණු 88 ක් හිමි කර ගනිමින්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු 88 ක් සමගින් 8 වැනි ස්ථානයේ රැදී සිටින අතර, ප්‍රසාද ලකුණු 81 කට හිමිකම් කියන ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...