චෙන්නායි පරදා ටයිටන්ස් කණ්ඩායමෙන් 2023 IPL තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‌ය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට පසුගියවර අයි.පී.එල් ශූරතාවය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(31) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 179 ක ඉලක්කයක් හඹා ගිය ටයිටන්ස් කණ්ඩායම ඉනිමා නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ටයිටන්ස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ෂුබ්මන් ගිල් පන්දු 36 කින් වේගවත් ලකුණු 63 ක් වාර්තා කළා. ඔහු සමග ඉනිම ආරම්භ කළ ව්රිධිමන් සහා ලකුණු 25 යි.

විජයි ශන්කර් ලකුණු 27 ක් ද, බලපෑම් ක්‍රීඩකයා හෙවත් Impact Player ලෙස ක්‍රීඩා කළ සායි සුදර්සන් ලකුණු 22 ක් ද රැස් කළා.

රාහුල් තෙවාටියා නොදැවී ලකුණු 15 ක් හා රෂීඩ් ඛාන් ‌නොදැවී ලකුණු 10 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.
පන්දු යැවීමේ දී Rajvardhan Hangargekar ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගත්තා.

අහ්මදාබාද් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 178 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

සුපරි ඉනිමක් ක්‍රීඩා කළ රුටුරාජ් ගයික්වඩ් පන්දු 50 කින් ලකුණු 92 ක් රැස් කිරීමට සමත් වුණා, ඒ්, හයේ පහර 9 ක් හා හතරේ පහර 4 ක් සමගින්.මොයීන් අලී ලකුණු 23 යි.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි, රෂිඩ් ඛාන් හා අල්සාරි ජෝසප් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

https://twitter.com/cricday96/status/1641875709189844994?t=TpV5eYRgSmTNDKwDAXzZKA&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...