අයර්ලන්තය හමුවේ බංග්ලාදේශයට කඩුලු 7 ක පරාජයක්

Date:

පන්දු යවන්නන්‌ගේ දක්ෂතා හා නායක ‌පෝල් ස්ටර්ලින්ග් පන්දු 41 කින් රැස් කළ ලකුණු 77 හමුවේ බංග්ලාදේශය සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

Chattogram හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 125 ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය පන්දුවාර 14 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ස්ටර්ලින්ග්ගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්. කර්ටිස් කැම්පර් නොදැවී ලකුණු 16 ක් හා හැරී ටෙක්ටර් නොදැවී ලකුණු 14 ක් ලබා ගනිමින් අයර්ලන්තය ජයග්‍රහනය කරා රැගෙන ගියා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 124 ක් ලබා ගත්තේ පන්දුවාර 19.2 ක් අවසානයේ දී යි.

සියලු පිතිකරුවන් අසාර්ථක වූ පසුබිමක සිය කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය ශමිම් හොසෙයින් පන්දු 42 කින් ලකුණු 51 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Mark Adair ලකුණු 25 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

මෙම තරගයෙන් අයර්ලන්තය ජය ගත්ත ද, 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ බංග්ලාදේශයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...