ලිවින්ග්ස්ටන්ට පළමු අයි.පී.එල් තරගය අහිමි වෙයි

Date:

එංගලන්ත ක්‍රීඩක ලියම් ලිවින්ග්ස්ටන්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පංජාබ් කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දෙසැම්බර් මාසයේ දී මුහුණ දුන් දණහිසක ආබාධයෙන් පසු තවමත් එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පවතින බවට සහතිකයක් ලැබී නොමැති බැවින්.

අයි.පී.එල් තරගාවලිය යටතේ කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අප්‍රේල් පළමු වැනිදා මොහාලි හී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිවයි.

කෙසේ වෙතත්, අප්‍රේල් 5 වැනිදා කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කරන සිය දෙවැනි තරගයේ සිට ලියම් ලිවින්ග්ස්ටන්ට අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

පසුගිය වසරේ අයි.පී.එල් තරගාවලියේ දී ඔහු තරග 14 කදී ලකුණු 437 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ, 36.41 ක ඉනිමක සාමාන්‍යයක් හා 182.08 ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්.

පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටව්ට ද මෙවර තරගාවලිය ආබාධයක් හේතුවෙන් අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...