ලිටොන්ගේ වාර්තාගත ඉනිම හා ශකිබ්ගේ සුපිරි දක්ෂතා බංග්ලාදේශයට තරගාවලි ජය තහවුරු කරයි

Date:

බංග්ලාදේශය වෙනුවෙන් පිතිකරුවෙකු පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 41 කින් ලිටොන් දාස් ලබා ගත් ලකුණු 83 හා ශකිබ් අල් හසාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අයර්ලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 77 ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශය අද(29) සමත් වුණා.

මෙම තරග ජය බංග්ලාදේශය 20යි 20 තරග පිටියේ දී වාර්තා කළ දෙවැනි ඉහළම (ලකුණු පරතරය අතින්) ජයග්‍රහනයයි.

Chattogram හි පැවැති තරගයේ එක් ඉනිමක් වර්ෂාව හේතුවෙන් පන්දුවාර 17 කට සීමා කිරීමට සිදු වුණා.

අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය එම පන්දුවාර සංඛ්‍යාව නිමා කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 202 ක් ලබා ගනිමින්. හයේ පහර 3ක් හා හතරේ පහර 10 ක් සමගින් වාර්තා වූ ලිටොන් දාස්ගේ සුපිරි ඉනිම අතරතුර දී ඔහු සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 18 කින්.

ඔහු සමග ඉනිම ආරම්භ කළ රෝනි තලුක්දාර් පන්දු 23 කින් ලකුණු 44 ක් රැස් කළා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට පන්දුවාර 9.2 ක් තුළ දී ලකුණු 124 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

ශකිබ් අල් හසාන් පන්දු 24 කින් නොදැවී ලකුණු 38 ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී බෙන් වයිට් ලකුණු 28 කට කඩුලු 2ක් බිද හෙලුවා.

අයර්ලන්ත පිළිතුරු ඉනිම පන්දුවාර 17 අවසානයේ දී කඩුලු 9ක් දැවී සටහන් වූයේ ලකුණු 125 ක් ලෙසයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කර්ටිස් කැම්පර් පන්දු 30 කින් ලකුණු 50 ක් රැස් කළා. සුපිරි පන්දු යැවීමක නිරත වූ ශකිබ් අල් හසාන් ලකුණු 22 කට කඩුලු 5 ක් දවා ගත් අතර, ටස්කින් අහ්මඩ් කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...